Wednesday, February 5, 2014

Written on

ෆේස්බුක් අවුරුදු 100යේ උපන්දිනය සබරයි !

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඊයේ (04) සිය දසවැනි උපන්දිනය සමරනු ලැබීය. නොඑසේනම් ඊයේ ෆේස්බුක් ජනතාව අතරට ගොස් දශකයක් සම්පූර්ණ කළේය. මේවන විට ෆේස්බුක් පරිහරණය කරනු ලබන ප්‍රමාණය බිලියන 1.23ක් බවද පැවසේ.

එය පිරිහරණය කරන ප්‍රමාණය සංසන්දනය කළ හොත් එය ඉන්දීය සමස්ථ ජනගහණයට සමානය. ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය මාර්ක් සකබර්ග්ගේ අදහසක් අනුව නිර්මාණය වූවකි.

පසුගිය වසරේ (2013) ෆේස්බුක් ලාභය ඩොලර් බිලියන් 1.5 (යුරෝ බිලියන් 1.1ක්) බව පැවසේ.වසර 2012 දී ෆේස්බුක් සමාගම මහජන කොටස් නිකුතුවට පෙළඹුන අතර එහිදී කොටසක අගය සටහන් වූයේ ඩොලර් 60ක් ලෙසය.

එම සමාගමට පසුගිය වසරේදී නීති ගැටලු සඳහාද මුහුණදීමට සිදුවූ අතර ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 20ක් ගෙවූ බවද වාර්තා වේ.

ජායාරූප අවසරයකින් තොරව වෙළෙඳ ප්‍රචාරණයට යොදාගැනීම නිසා සමාගම මෙම නඩුවල පැටලී ඇත.

More News