Thursday, January 16, 2014

Written on

කැස්බෑ හිමිකරුට ඇප

Update Part 3 ඇලි කැස්බෑවන් සිව්දෙනා දෙහිවල සත්වෝද්‍යානයට
සුදු කැස්බෑවෙකු අතුරුදහන් වුවායැයි පවසමින් අසත්‍යය පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු අද(16) ඇප මත නිදහස් කර තිබේ.‍‍‍ 

ඒ අද(16) පෙරවරුවේ අදාළ කාරණය සම්බන්ධයෙන් කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. 

එහිදී එක් අයෙකුට රුපියල් පහලොස් දහස බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරිර ඇප මත මුදා හැරිමට බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. 

ඊට අමතරව සැකකාර පුද්ගලයින් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත් විනිසුර නියෝග කර තිබේ. 

මීට අමතරව දැනට කැස්බෑ මධ්‍යස්ථානයේ සිටින අනෙකුත් සුදු කැස්බෑවන් සිව් දෙනා‍ වහාම ක්‍රියාත්මක වන පරිදි වනජීවි දෙපාර්තමේන්තු භාරයට ගන්නා ලෙසත්, ඉන් අනතුරු එම කැස්බෑවන් සිව්දෙනා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන ලෙසත් අධිකරණ විනිසුරු නියෝග කරන ලදී. 

More News