skip to main |
skip to sidebar
Written on
6:51 PM
වැලිගම ඥානරතන අමරපුර ශ්රී ධම්මරක්ඛිත නිකායේ මහා නා හිමියෝ (101) අපවත්වූහ. අමරපුර නිකායේ විවධ පාර්ශ්ව ඒකාබද්ධ කිරීම සඳහා මහා පරිශ්රමයක් ගත් ඒ හිමියන් අතින් ලියැවුණු බෞද්ධ ධර්ම හා ශ්රාස්ත්රීය ග්රන්ථ ප්රමාණය සියයකට අධිකය.
මියන්මාරයේ පැවැති හය වැනි ධර්ම මහා සංඝායනාවට ඒ හිමියෝ සහභාගී වූහ.
1947 සිට ගුවන් විදුලියෙන් ධර්ම දේශනා කළහ. පාලි ශබ්දකෝෂය සිංහලට පරිවර්ථනය කිරීමේ උපදේශක තනතුරද හෙබවූහ.
ශ්රී දේහය රත්මලාන මල්ලිකාරාමයේ තැන්පත් කර ඇත. ආදාහන පූජෝත්සවය බදාදා (22) පැවැත්වීමට නියමිතය.