
39 වියැති දේව්යානි කෝබ්රාගාදේ නිව්යෝක් නගරයේ ඉන්දීය කොන්සල් කාර්යාල නිලධාරිනියක් ලෙස සේවය කළ අතර සිදුවීමෙන් පසු ඇතිවූ මතභේදාත්මක තත්වය මසකට ආසන්න කාලයක් ගතවන තුරුත් නොවිසඳී පවතින අතර පාකිස්තාන වෙබ් අඩවි ඔස්සේ නිකුත් කර ඇති මෙම විඩියෝව දැකීමෙන් එම තත්වය තවදුරටත් පහව නොයනු ඇති බවත් ඇමරිකා-ඉන්දීය සබඳතා දිගු කාලීන පලුදු වීමකට ලක්වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ කියති.
අත්අඩංගුවට පත් තානාපති නිලධාරිනිය සියළුම ඇඳුම් ඉවත් කර පිරිමි නිලධාරීන්ද සහිතව පරීක්ෂා කරන අයුරු වීඩියෝවේ දැක්වේ.