කඩවත විදුහලක 11 වසර සිසුවෙකුට එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු විසින් අද (13) පෙරවරුවේ කනට පහරදීම හේතුවෙන් රෝගාතුර වී සිසුවා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ විදුහලේ 11 වසර පංතියක පන්ති නායකයෙකි. පාසල ආරම්භ කිරීමට උදේ පන්සිල් ගනිමින් සිටියදී ශිෂ්‍ය නායකයකු පැමිණ සිසුවාගෙන් පන්ති කාමර පිරිසිදු කර ඇද්දැයි විමසා තිබේ.
එවිට ඔහු පන්සිල් ගනිමින්ම ශිෂ්‍ය නායකයාට පිළිතුරු දී ඇති අතර මෙය දුටු නියොජ්‍ය විදුහල් පතිවරයා පැමිණ දරුවාගේ කනට පහර දී ඇතැයි අනතුරට පත් සිසුවාගේ දෙමාපියන් කඩවත පොලිසියට පැමිණිලි කර තිබේ.
දැනට සිසුවා රාගම රෝහලේ ප්‍රථිකාර ලබන අතර දරුවාගේ කන් බෙරයට හානියක් සිදුවී ඇති බවට වෛද්‍ය පවසන බව දරුවාගේ දෙමවුපියෝ පවසති. කඩවත පොලිසිය අදාල නියෝජ්‍ය විදුහල්පතිවරයා පොලිසියට කැදවා ඇති අතර පරීකෂණවලින් පසුව අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට නියමිතය.