බස්නාහිර උතුර භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධනගේ විදේශ ගමන් බලපත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා එම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇතැයි සඳහන්ය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.