ඊයේ (16) රහස් පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලා මහාධිකරණ විනිසුරුවරිය මෙලෙස නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම නඩුව පසුගිය 09 වන දින කැඳවන ලද අවස්ථාවේදී සිද්ධියේ ප්‍රධාන සැකකරු වන තංගල්ල සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් නොවුණු අතර ඔහුගේ නීතිඥයන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි.
එහෙත් ඒ බවට වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර තිබිණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අද රහස් පොලීසිය විසින් අධිකරණයට කරන ලද ඉල්ලීමක් අනුව පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.
නඩුව යළි ජනවාරි මස 22 කැඳවීමට තීරණය කෙරිණි.