බගවන්තලාව ප්‍රදේශයේ පාසලක 10 හැවිරිදි සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගණිත විෂයට අදාළ අභ්‍යාස සිදු නොකළ බව පවසමින් අදාළ ගුරුවරයා විසින් පසුගිය 22 වැනිදා මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබු සිසුවා මේ වනවිට බගවන්තලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවෙයි.
අදාළ සිසුවාගේ මව්පියන් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (24) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.