මීර්පූර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදීම බංග්ලාදේශය පරදවා ඉනිමක සහ ලකුණු 248 ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් පිල අද (30) සමත් විය.
මේ අනුව ලංකාව තරග දෙකකින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 498 ක ඉලක්කයක් කරා හඹාගිය බංග්ලාදේශ පිල ලකුණු 250 කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
බංග්ලාදේශ දෙවැනි ඉනිමේ කඩුලු පහක්ම බිඳ හෙලීමට ඩිල්රුවන් පෙරේරා (109/5) සමත් විය.පෙරවරුවේදීම සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඩිල්රුවන් පෙරේරා දිවා ආහාරයට පෙර බිද වැටුණු කඩුලූ පහෙන් තුනක් දවා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම අසීරු අඩියකට ඇද දැමුවේය.
තරගයේ වීරයා සම්මානය ද්විත්ව ශතකයක් වාර්තා කළ මහේල ජයවර්ධනට හිමිවිය.
ලකුණු පුවරුව
බංග්ලාදේශය පළමු ඉනිම 232/10
(මුෂ්ෆීකර් රහීම් 61, ශකීබ් අල් හසන් 55, සොහාග් ගාසි 42, සම්සූර් රෙහෙමාන් 33, ශමින්ද එරංග 49/4, සුරංග ලක්මාල් 66/3, රංගන හේරත් 50/2 )
දෙවැනි ඉනිම 250/10 (මොමිනුල් හක් 50, අල් අමින් හුසේන් (නොදැවී) 32, නාසාර් හුසේන් 29, ශකීබ් අල් හසන් 25, දිල්රුවන් පෙරේරා 109/5, සුරංග ලක්මාල් 39/3, ශමින්ද එරංග 26/1)
ශ්රී ලංකාව පළමු ඉනිම 730/6
(මහේල ජයවර්ධන (නොදැවී) 203, (පන්දු 271, 4x16, 6x4),කිත්රුවන් විතානගේ (නොදැවී)103 (පන්දු 104, 4x12, 6x2),කෞෂාල් සිල්වා 139 (පන්දු 244, 4x16, 6x2)ඇන්ජලෝ මැතිව්ස් 86, කුමාර් සංගක්කාර 75, දිමුත් කරුණාරත්න 53, ශකීබ් අල් හසන් 159/3, සොහාග් ගාසි 130/2) (පන්දුවාර 39)