Monday, January 6, 2014

Written on

දැරියක් මැරූ සෝමාලියාවේ සෙබලෙකුට මරණ දඬුවම

පසුගිය වසරේ පාසල් ශිෂ්‍යාවක මරා දැමීමේ චෝදනාවට වැරදිකරු වූ හමුදා සෙබලෙකුට මරණ දඬුවම පැනවීමට සෝමාලියාවේ හමුදා අධිකරණයක් තීන්දු කළේය.

මොගඩිෂු නුවර පොලිස් ඇකඩමියක් ඉදිරියේ විවෘත ස්ථානයකදී ඉන් අනතුරුව සෙබලා වෙඩි තබා මරා දැමිණ.

ඔහුට වෙඩි තබා මරා දමනු නැරඹීමට පස් හැවිරිදි සහ හය හැවිරිදි කුඩා දරුවන් පවා රැස්ව සිටි බවයි වාර්තාවල දැක්වෙන්නේ.

විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබෙන බව පවසමින්, මානව හිමිකම් සංවිධාන සෝමාලියාවේ හමුදා අධිකරණ ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කරති.

More News