Wednesday, January 8, 2014

Written on

අගමැති එලවන්න ගිහින් සිංහල රාවයට වුන දේ !

අගමැති දි.මු. ජයරත්න මහතාට බුද්ධ ශාසන අමති ධුරයෙන් ඉවත් වන්නැයි සිංහල රාවය සංවිධානය විසින් කරන ලද උද්ඝෝෂණයයේදී පොලීසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

පොලීසිය පවසන්නේ අණ නොතකා අගමැති කාර්යාලයට ඇතුළු වීමට දැරූ උත්සාහය අවම බලය යොදා වැලකූ බවයි.

කෙසේ වෙතත් එහිදී භික්‍ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට තුවාල වී ඇත. පොලිස් මූලස්ථානය පවසන්නේ කිසිසේත්ම පහර දීමක් සිදු නොවූ බවත් පෙලපාලිය පොලිස් මාර්ග බාධක බිඳගෙන එන්න උත්සාහ දැරීමේදී එක් මාර්ග බාධකයක් විරෝධතාකරුවන් මතට පෙරලීමෙන් මෙම තුවාල වීම් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් අගමැති කාර්යාලය වටලා පැය ගත් වූ පසු අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත සමාව ඉල්ලා ලිපියක් එවා තිබිණි.

එහි සඳහන්ව ඇත්තේ චීවරධාරියා යන වචනය භාවිතා කිරීමෙන් සිල්වත් ගරුතර මහා සංඝ රත්නයට අපහාසයක් සිදු කිරීමට  කිසිසේත් තමන් අදහස් නොකළ බවත් සිල්වත් ගරුතර මහා සංඝරත්නයට අපහාසයක් සිදු වුයේ යැයි කල්පනා කරන්නේ නම් අතිශයින් කණගාටු වන බවත්ය.

මේ අතර අගමැතිවරයාට ප‍්‍රසිදධියේ සමාව ගැනීමට තව සති දෙකක් කල් දෙන බව  සිංහල රාවය සංවිධානය පවසයි.

More News