Saturday, January 11, 2014

Written on

සනෝජා බිබිලේ දේශපාලනයට

තමන්ගේ ජීවිතයට බොහෝමත් සමීප තමන් බොහෝ ආදරය කරන කෙනකු අහිමිවීම කෙනෙකුට ගෙනෙන්නේ දරාගන්න බැරි  වේදනාවක්.  ඒ වේදනාව හැඟීම් දැනීම් ඇති කාටත් ‍පොදුයි. පසුගිය දිනක අපේ  ආදරණීය කලාකාරිනියකට ඇගේ  ආදරණීය මව අහිමි වුණා.

නිතරම පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ මුවගට සිනහවක් එක්කළ ඇය "සනෝජා බිබි‍ලේ". ඇගේ මවගේ මරණයේ උණුසුම තවමත් නොමැකි තිබේ. සනෝජාට ඇගේ මුළු ලෝකෙම වී තිබුණේ ඇගේ මවයි. අවුරුදු 77 ක් ඇගේ මව ජීවත් වුණි. සනෝජා මෙවන් දුකකට පත් වූ අවස්ථාවේ දී ඇගේ යහළු යෙහෙළියන්ගෙන් යුත් ආදරණීය කලාකරුවන් ඇගේ දුක බෙදාහදා ගෙන තිබුණේ මෙලෙසිනි.

" ඇත්තටම ඒ ගැනනම් මං බොහොම කනගාටු වෙනවා.  අපේ රටේ  ප්‍රවීණයි, ‍‍‍ජ්‍යෙෂ්ඨයි කියලා හිතාගෙන ඉන්න ඇතැම් අය ඒ වෙලාවේ කිසිම සහයෝගයක් ලබාදුන්නේ නැහැ.....  ඒ වෙලාවෙ මට හිතුනේ මේ අයද ජනතාව වෙනුවෙන් ඡන්දේ ඉල්ලන්නේ කියලා. නමුත් මං නොහිතපු අය එදා මගේ ළඟ  හිටියා.


විශේෂයෙන් මං ස්තූතිවන්ත වෙනවා සංගීතා වීරරත්නට. මං එයා ගැන වැරදි විදිහට හිතන් හිටියේ.  නමුත් කවුද  නියම යහළුවා කියන දේ  මං තේරුම්ගත්තා. ඒ වගේම  මං අපේ ජනාධිපතිවරයාටත් මේ වෙලාවේ විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. එතුමා මගේ අම්මට අවසාන මොහොතේ ගෞරවය දැක්වූවා. ඒ ගෞරවය මගේ ජයග්‍රහණයක්.


මගේ අම්මගේ ලොකු ආසාවක් බලා‍පොරොත්තුවක් තිබුණා මම විවාහ වෙනවා දකින්න.  ඒ ගැන අම්මයි, මමයි හරියට තර්ක කරගත්තා. ඒත් අද මට හිතෙනවා  මට මාව දිරිමත් කරන්න පිරිමි ශක්තියක්  අවශ්‍යයි කියලා.  මගේ අප්පච්චිව නංගිව, අක්කව බලාගන්න මං අම්මට දිව්රලා පොරොන්දු වුණා. ඉතින් ඒකට මට ශක්තියක්  ඕන.


මං ඒ කා‍ලේ හිතුවේ කසාද බැන්දොත් මගේ නිදහස නැතිවෙයි,  මාව හිරවෙයි කියලා.  මට වුවමනා වුණේ  නැහැ කොටුවෙන්න. නමුත් ඒ සිතුවිලි හරිම බොරුවක්. ජීවිතේ කොයි මොහොතෙද කියන්න දන්නේ නැහැ. 

දැනට යෝජනා කීපයක් ඇවිත් තිබෙනවා. ඒ අතරින් සුදුසු මාව තේරුම්ගත්ත මගේ සහෝදරියෝ, අප්පච්චිට රැකවරණය සපයන්න පුළුවන් කෙනෙක් ලැබුණ ගමන් මං විවාහ වෙනවා.  ඒ කෙනා මේ වසරේ මුණගැහුනොත් මේ අවුරුද්දෙම විවාහ වෙනවා.


මට ආදර සම්බන්ධතා තිබුණා.  ඒත් ඒවා  බිඳුණා. මට වුවමනාවක් තිබුණේ නෑ විවාහ වෙන්න. ඇත්තටම මට ඕන වුණේ  මගේ අම්මා  තාත්තා ළඟට වෙලා ජීවත් වෙන්න.  ඒත් මං අද තනිවෙලා. මං කැමති නිශ්ශබ්ද ජීවිතයක් ගත කරන්න.  විවාහය හොඳට හිතලා කරන්න ඕනේ. නැතුව දික්කසාද වෙන්න මට අවශ්‍ය නැහැ. "

අද වනවිට කලාකරුවන් බොහෝ පිරිසක් දේශපාලනයට එක් වී  සිටිනවා. පුවත්පත් හමුවක දී සනෝජා ද දේශපාලනයට එක් වීමට කැමති බව පවසා තිබුණේ මෙලෙසිනි.

" මම ඇත්තටම කැමතියි දේශපාලනය කරන්න.  ඒත් මං දේශපාලන පසුබිමක උපන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මං දන්නේ නෑ දේශපාලනයට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා. හැබැයි ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන් දේශපාලනයට එනවා. ඒ වගේම රටට ජනතාවට වැඩක් කරන්න පුළුවන් පක්ෂයක් තමයි මම තෝරාගන්නේ."

මම ක්ෂේත්‍රයේ හැමෝම එක්ක යාළුයි.  හැබැයි  මට පාට් දාන්න ආවොත්  මං එතනින් එහාට කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නේ නෑ..... මං ප්‍රවීණයන්ට ගරු කරනවා. 


හෙට දවසේ දී සහෝදරියෝ, අප්පච්චි බලාගන්න ඕන.  ලොකු ප්‍රාර්ථනා නම් නැහැ.....  මම කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය කරනවා.  ඊට අමතරව මං නීති උපාධිය හදාරනවා. ඒක මගේ අම්මාගේ සිහිනයක්. "

More News