කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයෙන් අතුරුදන්වූ සුදු කැස්බෑවා නොහොත් රෝසී නැවත සොයා ගැනීමත් සමඟ තම නිර්දෝෂිභාවය ඔප්පු වී ඇතැයි ජනප්‍රිය ගායක අමල් පෙරේරා පවසයි. කෝටි ගණනක් වටිනා එම සුදු කැස්බෑවා ඉකුත් දෙසැම්බර් මස 16 වැනිදා සිට අතුරුදන් වී ඇති බවට කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකරු පොලිසියට පැමිණිලි කෙළේ ය.
එපමණක් නොව ඔහු හඩා වැටෙමින් සිය දරුවෙක් සේ හදාවඩා ගත් කැස්බෑවා සොයා දෙන ලෙස ඉල්ලා සිටි වීඩියෝ පටයක් ද වෙති. එම සුදු කැස්බෑවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් අතර ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද සිටින බවත් ඔහුගේ හිතවතකුගේ අවශ්‍යතාවක් සඳහා රුපියල් කෝටි තුන හමාරක මුදලක් ගෙවා එම කැස්බෑවා මිල දී ගැනීමට ඔහු අවස්ථා කිහිපයකදීම තමන් හමු වූ බවත් කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකරු පොලිසියට දැනුම් දී තිබිණි.
අතුරුදන්වූවා යැයි කියන එම සුදු කැස්බෑවා නැවත සොයා ගැනීම පිළිබඳ තමන් ඉමහත් සතුටට පත්වන්නේ යැයි පවසන අමල් පෙරේරා අනුන් හෙළන්නට වළක් කපන්නන් එයට වැටිලා විපතට පත්වන බවත් සිහිපත් කර සිටියේ මෙලෙසිනි.
" මේ පිරිස උත්සාහ කළේ ඔවුන් කරපු මඟඩියක් වහගන්න කැස්බෑවා අතුරුදන් වීමේ සිද්ධිය මගේ පිට දාන්න. වෙච්ච දේ වුණා.
කොහොම වුණත් දැන් මගේ නිර්දෝෂිභාව ඔප්පු වුණා. මට චෝදනා කළ අයට කියන්න තියෙන්නේ එක දෙයයි. දිට්ඨධම්මවේදනීය කර්ම පඩිසන් දෙනවා කියලයි. "
සුදු කැස්බෑවා අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳ ඉකුත් 19 වැනිදා කොස්ගොඩ පොලිසියට ප්‍රකාශයක් කරමින්ද තමන් නිර්දෝෂී බව අමල් පෙරේරා එකහෙලාම ප්‍රකාශ කර තිබුණි.
කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකරු හඩා වැටුණු වීඩියෝව පහතින් නරබන්න.

කැස්බෑවා නැවත හමුවීමේ වීඩියෝව