රතුපස්වල ජල ගැටලුව සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ඇතුළු පරිසර සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විණ.
ඒ ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ දීය. මෙහිදී රතුපස්වල ජල ගැටලුව සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇත.
එකී සාකච්ඡාවේදී අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ බවත් එම යෝජනා ඉදිරියේ දී රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට ඉදිරිපත් කරන බවත් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් සඳහන් කළේය.
දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සාකච්ඡාවේදී ජනතාව වෙනුවෙන් මානුෂිකව හිතා බලා යහපත් ප්‍රතිචාරයක් දැක් වූ බව උන්වහන්සේ පැවසුවේය.
අදාළ යෝජනා ජනතාවට දැනුම්දෙන බවත් ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත මත ඉදිරියේදී කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කළේය.