Saturday, January 18, 2014

Written on

පළාත් සභා මැතිවරණය (බස්නාහිර සහ දකුණ)

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනී‍ම ඇරඹෙයි
බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි. 

අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්. ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ පෙබරවාරි 07 වැනිදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුවන බවයි. 


පසුගිය 12 වැනිදා බස්නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැරුණි. 

මැතිවරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ලබන 30 වැනිදා සිට පෙබරවාරී 06 වැනිදා දක්වා සිදුකෙරෙන බවයි. 

නාමයෝජනා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පෙබරවාරි 05 වැනිදා මධ්‍යහනයෙන් අවසන් වන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි. 

More News