නොරොච්චෝල ‘ලක්විජය’ ගල් අඟුරු විදුලි බලාගාරය 26වන වරටත් ඊයේ (11) යළි අක්රීය වී තිබේ. මීට දින කිහිපයකට පෙර එම බලාගාරයේ බොයිලේරුවක සිදුව තිබූ ජල කාන්දුවක් නිසා අක්රිය වූ අතර එය යතා තත්වයට පත්කර නැවත බලගැන්වීමට යාමේදී මෙසේ අක්රිය වී ඇත.
බලාගාරය වෙත මුහුදු ජලය කාන්දු වීම නිසා මෙලෙස අක්රීය වී ඇතැයි එහි විශේෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය මාස 06 ඇතුලත එම බලාගාරය 07වතාවක් ඇනහිට ඇති අතර එම සෑම අවස්ථාවකදීම යළි ආරම්භ කිරීමට යෑමේදී එය පනගැන්වීම සඳහා ඩිසල්වලට රුපියල් මිලියන 26ක පමණ මුදලක් වැයවී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම බලාගාරය වසා තිබෙන සෑම දිනකටම රජයට රුපියල් මිලියන 72ක පාඩුවක් සිදු වන බවත් මෙම විදුලි බලාගාරය මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක විදුලියක් නිෂ්පාදනය කර දෙනු ලබන බවත් විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි.