Wednesday, January 15, 2014

Written on

කවුරු පැරදුණත් රනිල් දිනනවා - නිශාන්ත මුතුහෙට්ටිගම

කවුරු පැරදුණත් එක්සත් ජාතික පක්ෂයේ සැමදාමත් ජයග්‍රහණය කරන අයෙකු සිටින බවත්, ඒ අන් කිසිවෙකු නොව රනිල් වික්‍රමසිංහ මහතා බවත් සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. 

පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා බිල්ලට දී රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය රැකගෙන ජයග්‍රහණය කළ බව ඔහු සිහිපත් කළේය. 

එසේම එළඹෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී නායකත්ව මණ්ඩලය හා කරූ ජයසූරිය මහතා බිල්ලට දී වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය ලබන බව මුතුහෙට්ටිගම මහතා කියා සිටියේ අද (15) කරන්දෙණිය ආසන බලමණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමේ රැස්වීම ආමන්ත්‍රණය කරමිනි. 

රනිල් වික්‍රමසිංහගේ හෝ මංගල සමරවීරගේ ගැට වලට හසු නොවී මෙවර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය තහවුරු කිරීමට එක්වන ලෙස තමන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහිදී සඳහන් කළේය. 

කෙසේ වෙතත් සියලුම දෙනා පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මේ මොහොතේ ගියර් මාරුකරමින් සිටින බවත්, දකුණේද සන්ධානයේ ජයග්‍රහණය , දැවැන්ත ජයග්‍රහණයක් බවට පත්කරලීම සඳහා ආසන මට්ටමින් කටයුතු ආරම්භ කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය. 

More News