Monday, January 20, 2014

Written on

ගෝන මස් සමග මීපිළිමාන පුද්ගලයෙකු අත්අඩංගුවට

News in Brief 20/01/2014 8:32pm 
නීති විරෝධි ලෙස ගෝන මස් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මීපිළිමාන පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව නුවරඑළිය බ්ලැක් ෆූල් මංසන්ධිය ප්‍රදේශයේ දි මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. 

සැකකරු සතුව තිබි ගෝන මස් කිලෝග්‍රෑම් 18ක් පමණ පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගෙන ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

More News