අනතුරු සිදුවන අවස්ථිවේ රථය පදවා ඇත්තේ ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල වන බවත්, ඔවුන් දෙදෙනාව බීමතින් සිට ඇති බවත්, බත්තරමුල්ල ප්‍රදේශයේ සිට පැමිනෙමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇති බවත් එම වෙබ් අඩවියේ සඳහන්වේ.
අනතුරින් දෙදෙනාම සුළු තුවාල ලැබූවද නදීෂා වෙනත් රථයකින් එතැනින් ඉවත්ව ගියද චතුර රදම්පොල පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද,මෙම සිද්ධිය මාධ්‍ය වෙත ලබා නොදෙන මෙන් නදීෂා ඒ අවස්ථාවේ එතැන සිටි පිරිසට පින්සෙණ්ඩු වී ඇතැයිද ඇමතිවරයාගේ වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන්වේ.
මේ සම්බන්ධයෙන් Gossip9 කල විමසීමකදී නදීෂා හේමමාලි කියා සිටියේ, එය තමන්ට එල්ලකළ ආණ්ඩුවේ තවත් 'මඩ' ප්‍රහාරයක් පමණක් බවයි. තමා අඩුම තරමින් වයින් පොදක් හෝ නොබොන බව පවසන නදීෂා, චතුර රදම්පොල කියා කෙනෙක් නොහඳුනන බවද අවධාරණය කළාය.
ඊයේ දිනයේ ගාල්ල දිස්ත්‍රීක්කයේ ප්රචාරක කටයුතුවලට සහභාගිවූ තමා ඇතුළු පිරිස රාත්‍රී 8.00 පමණ වනවිට නිවසට පැමිණි බවත්, රථයේ සිටියේ තමාගේ ආරක්ෂාක නිලධාරියා හා තමාගේ සොයුරන් දෙදෙනකු පමණක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙය 33000.lk සදහන්වූ ආකාරය
- ජනසරණ ප්‍රධාන සංවිධායක නදීශා හේමමාලී සමග හදිසි රිය අනතුරක
ඔහු රිය අනතුරට ලක්වන විට ජනප්‍රිය නිලියක් වන නදීශා හේමමාලී ද ඔහුගේ රියේ සිටි බව අප වෙත වාර්තා වේ.
බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවී ඇති අතර නදීෂා හේමමාලි ද සිට ඇත්තේ බීමතිනි. බත්තරමුල්ල පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සිට ඔවුන් සුපුරුදු පරිදි මෙසේ විනෝද වී නැවත එන අතරවාරයේ මෙම අනතුර සිදුවී ඇත.
රිය අනතුරෙන් නදීශා සුළු තුවාල ලබා ඇති අතර චතුර රදම්පොල හට තරමක තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. අනිත් රියේ සිටි පුද්ගලයින් නදීෂා හඳුනාගැනීමත් සමග ඇය ආයාචනා කොට ඇත්තේ මෙම සිදුවීම මාධ්‍යයට හෙලි නොකරන ලෙසයි.
පසුව ඇය කැබ් රථයක නැගී එතනින් නික්ම ගොස් ඇති අතර ප්‍රතිකාර ගැනීම සදහා චතුර රදම්පොල නවලෝක රෝහලට ඇතුලු වී ඇත.
මෙය සැලවූ වහාම රත්‍රී 11ට පමන චතුරගේ ලඟම හිතවතෙකු වන පිටිදුවේ සිරිධම්ම හිමි රෝහලට පැමිණ ඇත. කෙසේ වෙතත් චතුරගේ තුවාල එතරම් බරපතල නොවූ හෙයින් ඔහු අද උදෑසන රෝහලෙන් පිටවගොස් ඇත.
මෙය මාධ්‍යයෙන් වසන් කිරීම සඳහා නදීෂා සහ චතුර ඇතුළු පිරිස මහත් වෙහෙසක් ගනිමින් සිටින බව අප වෙත වාර්තා වේ. "
- 33000.lk
මෙය Lanka C News සදහන්වූ ආකාරය
- නදීෂා හේමමාලි බීමතින් රිය අනතුරක
අනතුරු සිදුවන අවස්ථිවේ රිථය පදවා ඇත්තේ ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල වන අතර ඔවුන් දෙදෙනාව බීමතින් සිට ඇතැයිද පැවසේ.
බත්තරමුල්ල ප්‍රදේශයේ සිට පැමිනෙමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇත. අනතුරින් දෙදෙනාම සුළු තුවාල ලැබූවද නදීෂා වෙනත් රථයකින් එතැනින් ඉවත්ව ගියද චතුර රදම්පොල පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද වාර්තා වෙයි.
මෙම සිද්ධිය මාධ්‍ය වෙත ලබා නොදෙන මෙන් නදීෂා ඒ අවස්ථාවේ එතැන සිටි පිරිසට පින්සෙණ්ඩු වී ඇතැයිද දැනගන්නට ඇත. "
- Lanka C News