උතුරු නැගෙනහිර අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ කටයුතු දෙවන දිනටත් අද සිදු කෙරේ.
යුද්ධය පැවති සමයේ අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පසුගිය වසරේ අගෝස්තු මස 15 වන දින පත් කරනු ලැබීය.
ඒ අනුව පළමුව එම කොමිසම විසින් උතුරු නැගෙනහිර අතුරුදන් වුවන් පිළිබඳ පැමිණිලි ලබා ගැනීම සිදුකළ අතර පසුගිය දෙසැම්බර් මස 31 වන විට එම කොමිසමට පැමිණිලි 13,000ක් පමණ ලැබී තිබුණි.
ලැබුණු පැමිණිලි වලට අනුව විමර්ශන කටයුතු ඊයේ දිනයේ ආරම්භ කළ බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කළේය.
කිලිනොච්චි දිස්ත්රික්කයේ කරච්චි ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාමසේවා වසම් තුනක ඉදිරිපත් වී තිබු පැමිණිලි 35ක් පිළිබඳව ඊයේ දිනයේ විමර්ශනය කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණි.
එහෙත් කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කළේ ඊයේ දිනයේ පුද්ගලයින් 84 දෙනෙකු කොමිසමට සාක්ෂි ලබාදීම සඳහා පැමිණි සිටි බවයි.
අද දිනයේත් කිලිනොච්චි දිස්ත්රික්කයේ ග්රාමසේවා වසම් කිහිපයක පැමිණිලි විමර්ශනය කිරීමට නියමිතය.
ලබන 21 වන දින දක්වා කිලිනොච්චි දිස්ත්රික්කයේ පැමිණිලි විමර්ශනය කිරීමේ කටයුතු සිදුකරන බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් එච්.ඩබ්ලිව් ගුණදාස මහතා සඳහන් කළේය.