ටෙස්ට් තරඟවලදී ලකුණු 11,000 පසු කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට මහේල ජයවර්ධන අද (19) සමත් විය.
ඒ පකිස්ථානු කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදීය.
පකිස්ථාන - ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරඟය ආරම්භ කිරීමට පෙර මහේල ටෙස්ට් තරඟ 140දී ලකුණු 10,940ක් ලබාගෙන තිබුණි.
ඔහු මෙම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 47ට දැවි ගියේ ලකුණු 11,000ට සම්පූර්ණ කිරීමට ලකුණු 13ක් අඩුව තිබියදීය.
කෙසේ වුවද මහේල අද එම අඩුව සපුරමින් ලකුණු 11,000 ඉක්මවා ගියේ සයිඩ් අජ්මාල්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමිනි.
ඒ අනූව ජාත්‍යන්තර ටෙස්ට් තරඟවලදී ලකුණු 11,000 සීමාව ඉක්මවා ගිය පළමු ක්‍රීඩකයා බවට පත්වීමේ වාසනාව ද මහේලට උරුම විය.
මෙම ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 9ට ලකුණු 428ක් ලබාගත් අතර පකිස්ථානු කණ්ඩායම සියලුදෙනා දැවි ලකුණු 341ක් ලබා ගැනීමට සමත් විය.
දෙවන ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 4ක් දැවී ලකුණු 94ක් ලබා සිටියේය.