මන්ත්‍රීවරයාගේ හිතවතෙකුගේ කනකට සතෙක් රිංගා තිබෙන බවත් ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බවත් පවසමින් ඔහු රෝහලට පැමිණ ඇති අතර ඔවුන් පැමිණි කැබ් රථය රෝහලේ ප්‍රධාන මාර්ගය අවහිරවන සේ නවතා තිබේ.
රෝහල් බිමේ සිටි ආරක්ෂක නිලධාරියා මොවුන්ට පවසා ඇත්තේ රෝහලේ ගිලන් රථයට ගමන් කළ හැකි පරිදි මාර්ගය ඉඩ දී කැබ් රථය ඉඩ තිබෙන වෙනත් තැනක නවතන ලෙසයි. එම අවස්ථාවේ දී " උඹ දන්නවද මම කවුද කියල ! " යැයි කියමින් මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරියා සමග බහින්බස් වීමකට මුල පුරා ඇත. එය දුටු රෝහල් සෞඛ්‍ය කාර්ය සහයකයෙක්ද පිරිස අතරට පැමිණ ඇති අතර සභාපතිවරයා ඇතුළු ඔවුන්ට පහරදී තිබේ.
පහරකෑමට ලක් වූ සෞඛය කාර්ය සහයක පසිඳු රණසිංහ මධුසංඛ සහ ආරක්ෂක නිලධාරි ඉන්දික අමල් කුමාර යන දෙදෙනා තිස්සමහාරාම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර
එම්. කේ. අමිල නැමැත්තා දකුණු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වන එම්. කේ. රංජිත් නොහොත් ‘චණ්ඩි මල්ලි’ගේ පුත්‍රයෙකු වන අතර ඔහු ඇතුළු සැකකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට නොගතහොත් සමස්ත රෝහල් කාරියමණ්ඩලයම වර්ජනයක් අරඹන්නට සූදානම් වන බව එහි වෘතීය සමිති නියෝජිතයෝ පවසති.