
දෙරටේ අත්අඩංගුවේ සිටින සියලුම ධීවරයින් කොන්දේසී විරහිතව නිදහස් කිරීමට ඉන්දු සහ ශ්‍රී ලංකා බලධාරින් එකඟතාවයකට පැමිණ තිබේ.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ඉන්දියාවේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමඟ අද (15) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
එසේම ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා සමඟ තමන් ඇතුළු පිරිස සාකච්ඡා කළ බවද අමාත්‍ය සේනාරත්න මහතා කියා සිටියේය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නිමල් හෙට්ටිආරච්චි මහතා , නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා, ධීවර අමාත්‍යවරයාගේ උපදේශක ආචාර්ය එස්.සුභසිංහ මහතා, සොලිසිටර් ජෙනරාල් සුහදගම්ලත් මහතා, යාපනය, මන්නාරම, මුලතිව් ධීවර සංවිධාන වල සභාපතිවරු ඇතුළු පිරිසක් මෙම සාකච්ජා සඳහා ඉන්දියාවට ගොස් සිටින බව වාර්තාවෙයි.