Sunday, January 26, 2014

Written on

ගෝවින්දා අයෙත් විවාහ ජීවිතයට !

රංගනයෙන් හා නර්තනයෙන් සිය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමටන්නටත්, හාස්‍යයෙන් ඔවුන් ව කුල්මත් කරවන්නටත් දක්ෂ බොලිවුඩ් නළුවන් අතරින් ගෝවින්දා සිටින්නේ පෙරමුණේය. දශක කිහිපයක් පුරාවට මෙලෙස ‍ජනාදරය්‍පත්වූ ගෝවින්දාගේ දිවියට 2014 නව වසරත් සමග මංගල සීනු ද ළඟා වී තිබෙන බව ඉන්දීය මාධ්‍යවල දැක්වේ.

මේ වන විටත් සුනීතා අහූජා සමග විවාහ වී සිටින ගෝවින්දාගේ විවාහ දිවියට වසර 25ක් ගතවූයේ පසුගිය 14දාය.

එදිනදී ලන්ඩන් නුවර පැවති පෞද්ගලික උත්සවයකදී සිය විවාහ චාරිත්‍ර යළි පැවැත්වීමට මොවුන් දෙදෙනා කටයුතු කර තිබුණි.

සමීප මිතුරු මිතුරින් පමණක් සහභාගී වූ මෙම උත්සවයට ගෝවින්දා - සුනීතා යුවළගේ දරු දෙදෙනා වන යෂ්වර්ධන් හා නර්මාදා සහභාගී නොවුණි. මේ පිළිබඳව අදහස් දක්වමින් සුනීතා පවසා තිබුනේ සාමාන්‍යයෙන් දෙමාපියන්ගේ විවාහයට දරුවන් සහභාගී නොවන බවයි.

මීට වසර 25කට පෙර මොවුන් දෙදෙනාගේ විවාහය ඉතා රහසිගතව සිදුවූ අතර, විවාහය තරුවකගේ ජනප්‍රියත්වයට බලපාන බවට එකළ පැවති විශ්වාසය හේතුවෙන් දිය දියණියගේ උපත සිදුවන තෙක් එය රහසක් ලෙසම පැවති බව නර්මදා පවසයි.

More News