එළැඹෙන පළාත් සභා මැතිවරණයට තරග කිරීමට එක්සත් ජනතා සන්ධාන නියෝජිතයන් තෝරා ගැනීමේ දී සුරූපී බව එකම සුදුසුකම නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නාමයෝජනා ලබා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට නිළියන්ට අපේක්ෂකත්වය ලැබේ යැයි ස්ථිර කළ නොහැකි බව මහලේකම්වරයා පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
කෙසේ වුවද පසුගිය පළාත් සභාව නියෝජනය කළ බටහිර සහ දකුණු පළාත් සභාවන්හි එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන්ට නාම යෝජනා ලැබීමට අවස්ථාව තිබෙන බව ඔහු පැවසිය.
අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා 302 දෙනෙකු මුහුණ දුන් අතර ඔවුන්ගෙන් සුදුසු අපේක්ෂකයන් ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරණ සන්ධාන මධ්‍යම කාරක සභාව විසින් තෝරා ගනු ඇති ද ඇමතිවරයා සඳහන් කළේය.