ගාල්ල, කොටුව ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මළ සිරුර පරීක්ෂා කිරීමේ දී මියගිය පුද්ගලයාගේ බවට සැකකෙරෙන ජාතික හැඳුනුම්පතක් ද සොයාගෙන ඇති බව සඳහන්ය.
මළ සිරුර නාවික හමුදා නිලධාරීන් විසින් ගාල්ල පොලීසිය වෙත භාරදී ඇති අතර මෘත ශරීරය ගාල්ල කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.