Sunday, January 12, 2014

Written on

මෛත‍්‍රීගේ පිහිනුම් තටාකයේ කිඹුලෙක් !

ගාල්ල කතළුව ප‍්‍රදේශයේ පිහිටි පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාට අයත් හෝටලයක ජල තටාකයට හදිසියේම කිඹුලෙක් පැමිණීම නිසා හෝටල් සේවකයන් සහ සංචාරකයින් නොසන්සුන් වී තිබෙනවා.

මෙම කිඹුලා හෝටල් සේවකයින් විසින් දැක ඇති අතර මේ ගැන වන ජීවි නිලධාරින්ට දන්වා තිබෙනවා. කෙසේ නමුත් ජල තටාකයේ සිටි කිඹුලා එක්වරම ඉන් පිටතට පැමිණ මුහුද දෙසට ගිය බව පැවසෙනවා. 

කිඹුලා ජල තටාකයට පැමිණියේ කෙසේ ද යන්න තවමත් තහවුරු වී නැහැ. 

මෙම හෝටලය කොග්ගල කලපුව ආසන්නයේ පිහිටා තිබෙන අතර එම කලපුවෙන් මෙම කිඹුලා පැමිණ ඇති බව විශ්වාස කෙරෙනවා.

More News