පෞද්ගලික බස් සේවකයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පිටකොටුව - රුක්මල්ගම මාර්ගයේ බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට මෙම වර්ජනය සඳහා මාර්ග අංක 170 අතුරුගිරිය - පිටකොටුව බස් රථ සේවකයින් ද එක් ව ඇති බව වාර්තා වෙයි.
අතුරුගිරිය - පිටකොටුව බස් රථ වල සේවකයින් පිරිසක් රුක්මල්ගම -පිටකොටුව බස් රථ සේවකයින් දෙදෙනෙකුට රුක්මල්ගම මංසන්ධියේ දි පහර දී තිබේ.
පහර කෑමෙන් බරපතළ තුවාල ලැබු සේවකයින් මේ වන විට හෝමාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
මේ අතර අදාළ වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාව පිලිබඳ ප්රවාහන බලධාරින් සම්පුරණයෙන්ම වගකිව යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඔහු පවසන්නේ කාල සටහන් පිළිබඳ ගැටලුවක් හේතුවෙන් අදාළ පහරදීම් සිදුව ඇති බවයි.