Friday, January 31, 2014

Written on

පුද්ගල ජාවාරමේ නිරත වූ ලාංකිකයින් 4ක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට


නීති විරෝධී ලෙස පුද්ගල ජාවාරමේ නිරත වු ශ්‍රි ලාංකිකයින් සිව් දෙනෙකු බ්‍රිතාන්‍යයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 

ශ්‍රි ලංකාවේ සිට නීති විරෝධි ලෙස පුද්ගලයින් බ්‍රිතාන්‍ය රැගෙන යාමේ ජාවාරමක මොවුන් නිරත වී ඇති බව සඳහන් වෙයි. 

ඒ සඳහා මොවුන් එක් පුද්ගලයකුගෙන් යුරෝ 4500ක මුදලක් ලබා ගෙන ඇති බව The Guardian පුවත්පත වාර්තා කරයි. 

අදාළ ජාවාරමට සම්බන්ධ වු ශ්‍රි ලාංකීකයින් සිව්දෙනාට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ 37 හැවිරිදි සුදර්ශන් ජයකොඩි නම් පුද්ගලයෙකි. 

සුබ්‍රනියම් විග්නරාජා, කමලේනේෂන්කන්දියා, සෞන්දරනායගම් උවයිස් යන අය සෙසු ශ්‍රි ලාංකිකයින් වන බව සඳහන් වෙයි. 

මොවුන් මෙම වරද සම්බන්ධයෙන්ම මීට පෙරද චෝදනා ලැබ දඬුවම් නියම වූවන් බව The Guardian පුවත් පත පවසයි. 

More News