Breaking News 01/17/2013 4:25pm
දැදිගම, මහබෙලිගල ප්රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කටයුතුවල නිරතව සිටි ගලිගමුව ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර කැනීම් කටයුතු සිදුකරමින් සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු වරකාපොළ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර ගලේවෙල, නිතුලකන්ද ප්රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනිම් කටයුතුවල නිරතව සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගලේවෙල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එහිදි සැකකරුවෙකු සතුව තිබී විදෙශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එම අවියට යොදන බෝර 12 පතරොම් තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලමිටියාව, ගලේවෙල, මාතලේ, සීදුව යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.