Tuesday, January 7, 2014

Written on

මිනිස්සු ආයෙත් බොන්නේ ඇසිඩ් වතුර.. පළමු නර බිල්ල වෙන්න මම සූදානම් !

රතුපස්වල ජල ප‍්‍රශ්ණයට විසඳුමක් ලෙස ඉල්ලමන්නේ නර බිලිනම් එහි පලවෙනි බිල්ල වෙන්න තමන් වහන්සේ සූදානම් යයි තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන්වහන්සේ මෙසේද පැවසූහ.

" වතුර ගැටලූව නිසා අපේ ප‍්‍රදේශයේ ජනතාව දැඩි පීඩනයකට ලක් වෙලා නළවල වතුර තිබුණට ගොඩක් දෙනෙකුට වතුර ගන්න සල්ලි නැහැ. දැන් ගම්පහ ප‍්‍රාදේශීය සභාවෙන් බවුසර් මගින් වතුර බෙදපු එකත් දැන් නවත්තලා දාලා. දැන් ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ ආපහු ඇසිඞ් වතුර බොන්න. අපේ ප‍්‍රධාන ඉල්ලීමක් වුණේ මූලික ගෙවීමකින් තොරව ජලය ලබා දෙන්න කියන එක.නමුත් බලධාරීන් අපේ එම ඉල්ලීම කනකටවත් අරන් නැති හැඩයි.

ඒ නිසයි මම තීරණය කළේ පළමු වතාවට වගේම අවසාන වතාවටත් අපේ අහිංසක ඉල්ලීම ලිඛ්තවම බැසිල් ඇමතිතුමාට භාර දෙන්න.

හැබැයි තවදුරටත් බලධාරීන් අපට කන් දෙන්නේ නැතිනම් එයාලා ඉල්ලන්නෙම මිනිස් බිලි නම් මේ සිරිධම්ම හාමුදුරුවෝ ලෑස්තියි පළවෙනි බිල්ල වෙන්න කියලත් මම අනතුරු අගවනවා "

මෙම ජල ගැටලූවට ස්ථීර විසදුමක් ඉල්ලා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාරදීම සදහා අද දිනයේ තමන් වහන්සේ පා ගමනින්ම අමාත්‍යවරයාගේ කාර්යාලයට වැඩම කරන බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කීහ.

More News