
මාවිල්ආරු ගොවින්ට රුපියල් කෝටි 12ක් පමණ වැය කර ඇතැයි පැවසු ඇමැතිවරයා ගොවින් 2,918ට අක්කරයකට රුපියල් 25,000 බැගින් වන්දි ගෙවා ඇතැයිද ප්‍රකාශ කළේය.
ගොවින්ට මෙම මුදල් ගෙවිමේදි වංචා සිදුවී ඇතැයි පැමිණිලි ලැබිම නිසා පරික්ෂණ පැවැත්වීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්ද විභාග වෙමින් පවතින බවත් අමුණුගම මහතා පැවසයි.
එම මුදල් වංචා කලේයැයි චෝදනා නැගෙන්නේ නොබෝදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විශේෂ ව්‍යාපෘති ඇමතිවරයා ලෙස පිදුම් ලැබූ එස්. එම්. චන්ද්‍රසේන මහතාටය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාද නිතර නිතර චන්ද්‍රසේන මහතාට මෙම චෝදනාව එල්ල කරයි.