Friday, December 27, 2013

Written on

අරෆත්ගේ අභාවය ස්වභාවික මරණයක් !

හිටපු පලස්තීන නායක යසර් අරෆත් මියගොස් ඇත්තේ ස්වභාවික හේතූන් නිසාවෙන් බව රුසියාව පවසයි.

රුසියාවේ ප්‍රධානතම රජයේ අධිකරණ වෛද්‍ය ආයතනයේ ප්‍රධානී ව්ලැඩිමීර් උයිබා මේ බව පැවසා ඇතැයි ඉන්ටර්ෆැක්ස් පුවත් ඒජන්සිය වාර්තා කරයි.අරෆත් ගේ ඇඳුම්වලින් පොලෝනියම් විෂ සොයාගත් බවට අල්ජසීරා පුවත්සේවය වාර්තා කිරීමෙන් අනතුරුව ස්විට්සර්ලන්ත, ප්‍රංශ හා රුසියානු අධිකරණ වෛද්‍ය විශේෂඥයන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහුගේ මළසිරුරේ සාම්පල ගෙන තිබුණි.

පසුගිය මාසයේදී ස්විට්සර්ලන්ත අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පවසා සිටියේ පොලෝනියම් විෂ පිළිබඳ සිය සොයාගැනීම් වල වෙනසක් නොමැති මුත් එය අරෆත් ගේ මරණයට හේතුව බව සනාථ කරන සාක්කි නොමැති බවයි.

මේ මාසය මුලදී ප්‍රංශ විශේෂඥයන් පවසා තිබුනේ අරෆත් මියගොස් තිබුනේ පොලෝනියම් විෂ ශරීරගතවීම හේතුවෙන් නොවන බවයි.

කෙසේවෙතත්, රුසියානු සොයගැනීම් සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පලස්තීන නිදහස් සංවිධානයේ (Palestine Liberation Organisation) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පවසා තිබුනේ මෙම සොයාගැනීමත් දේශපාලනීකරණයට යටත් වූවක් වන බවයි.

මේ අතර, රුසියාවේ සිටින පලස්තීන තානාපතිවරයාද රුසියානු ජාතික පුවත් සේවයට පවසා ඇත්තේ අරෆත් ගේ මරණය සම්බන්ධයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ නොනැවැත්වීමට මේ වන විටත් තීරණය කර අවසන් බවයි.

More News