![]() |
අනවසරයෙන් ගොඩකරනු ලබන වගුරු බිම් |
මුතුරාජ වෙල හා ඒ අවට ඇති වගුරු රාශියක් මේවන විටද අනවසරයෙන් ගොඩකර අවසන් බව පැවසේ.
මේ ජාවාරමට වත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පහත්බිම් සංවර්ධන සංස්ථාවේ ඉහල නිලධාරීන්ගේ සහය ලැබී ඇති බවට ප්ර දේශවාසීහු චෝදනා කරති.
අදාල තත්ත්වය හේතුවෙන් හේකිත්ත ප්රදේශයේ ජනතාව වැඩි අපහසුතාවයට පත්ව ඇති බවද පැවසේ.
වගුරුබිම් ගොඩ කිරීමේ පැතිරීම
මේවන විට ද මාබෝල ජය මාවත, මුතුරාජවෙල හා වැල්ලපල්ලිය යන ස්ථානයන්හී වගුරු බිම් ගොඩකිරීම් සිදුකරමින් පවතින බව වාර්තා වේ.
මෙම ගොඩකිරීම් සිදුකරන භූමිවල විශාල තාප්ප ගෙට්ටු යොදා ඒවා ඇතුළේ ඉතා රහසිගත අයුරින් සිදු කිරීමටද ජාවාරම් කරුවෝ සූක්ෂමවී තිබේ.
එසේ අනවසරයෙන් ගොඩකරනු ලබන වගුරු බිම් කිහිපයක ජායාරූප පහත දැක්වේ.