මිනිසා සඳ තරණයට දැරූ උත්සාහය ඉතා අතීතයකට උරුමකම් කියන්නේය. එහි ඓතිහාසික වර්ෂය ලෙස සනිටුහන් වූයේ 1969 දීය. ඒ මිනිසා සඳ ජය ගැනීමත් සමගමය. “මිනිසා” ලෙස පොදුවේ ගත්තද එහි වැදගත්ම වැඩ කොටස ඉටු කළේ ඇමරිකාවයි. නැතහොත් ඇමරිකාවේ නාසා ආයතනයයි.
ඊළඟට හඳට යන්න උත්සාහ දරන හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනය වූයේ හඳේ ජීවත්වීමට සුදුසු පසුබිමක් ඇති කර ගැනීමයි. දැඩි ලෙස ඊට වෙහෙසවන අතරවාරයේ, හඳේ ජීවත් වෙන්නටත් පෙර එහි ඊට සුදුසු පරිසරයක් ගොඩනඟා ගැනීමේ හැකියාව ගැන නාසා ආයතනය දිගින් දිගටම පර්යේෂණ කළා. තවමත් කෙරෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට හඳේ ජීවත්වන්නට යන අයට ආහාර සඳහා හඳේම යම් යම් දේ වගා කිරීමේ හැකියාව ගැන ඔවුන් සොයා බැලුවා.
එහි මූලික පියවරක් විදිහට දීර්ඝ පර්යේෂණ ගණනාවකින් පසු 2015 දී ඖෂධ පැළෑටි හා එළවළු වර්ග හඳට ගෙන යැමට නාසා ආයතනය සැළසුම් කර තිබෙනවා. ඒ හඳෙහි වගා කිරීම සඳහායි.
ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ මුද්‍රා තැබූ කුඩා පෙට්ටිවල රෝපණය කරන “බැසිල්” හා “ටර්නිප්” කියන එළවළු වර්ගයි. මේ එළවළු වර්ග ‘Arabidopsis’ යන කුලයේ ගෝවා සහ අබවලට නෑකම් කියන ශාක වර්ගයි. ඒවා හඳට යවන්නට සූදානම් කර තිබෙන්නේ ජලය අඩංගු කුඩා පෙට්ටිවල ඇසුරුම් කිරීමෙන් පසුවයි.
සඳ මත ඇති ගුරුත්ව බලයට හා විකිරණවලට විවෘත වූ විට මේ පැළ වර්ධනය විය හැකි ආකාරයේ පර්යේෂණයන් මේ මොහොත වනවිටත් නාසා ආයතනය මගින් සිදු කරමින් සිටිනවා. ඒ තනිවම නොවේ ඒ සඳහා ‘Lunar Plant Growth Habitat Team’ යන කණ්ඩායමත් තවත් ස්වෙච්ඡා කණ්ඩායම් ගණනාවක්ද සහභාගි වී සිටිනවා.
මේ පර්යේෂණ ඉතා සාර්ථක මට්ටමේ පවතින ඒවා බවයි වාර්තා වන්නේ. මේ පර්යේෂණ සාධනීය ප්‍රතිඵල ගෙන දුන් 2015 දී ඒවා සඳමතට යෑවීමේ කටයුතු සූදානම් කර අවසන්. ඒ සඳහා යොදාගන්නේ ‘Moon Express Lander’ නම් වාණිජ්‍යමය අභ්‍යවකාශ යානයයි.