Tuesday, December 10, 2013

Written on

උරේෂාගේ පුරුද්ද වෙනස් කළ සහේන් කවුද?

ජනප්‍රිය ගායිකාවක් වන උරේෂා‍ රවිහාරිගේ පුරුද්දක් වෙනස්වී ඇතැයි වාර්තා වේ.

මෙසේ ඇගේ පුරුද්ද වෙනස්කළ අය වන්නේ උරේෂා හා ඇගේ සැමියාවන වෛද්‍ය රුචිර නදීරගේ පවුලට එක්වූ තුන්වන්නා වූ ඔවුන්ගේ සිගිති පුතු ප්‍රවිවේක් සහේන්ය.

සහේන් පවුලට එක්වීමෙන් පසුව සංගීත ප්‍රසංග තිබුණත් නැතත් 8 - 9 වෙනකන් නිදාගත් උරේෂා දැන් හිමිදිරි පාන්දර 5 - 5.30 වන විට අවදිවන බවද පැවසේ. උරේෂා හා රුචිරගේ පුතුට දැන් වයස මාස 10කි.

අඞන සහේන් නළවගන්න උරේෂා ඇගේ ගීත සහෙන්ට ගායනා කරන බවද පැවසෙන අතර උරේෂාගේ ගීයක් ගුවන් විදුලියේ ගියද සහේන් නැලවෙන බවද මේ අතර වාර්තා වේ.

සුගියදා, උරේෂාට විශේෂ සම්මානයක්ද හිමිවිය.

ජපන් හා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංස්කෘතික පදනම විසින් වසරක් පාසා විශිෂ්ඨයන් පස්දෙනෙකු වෙනුවෙන් පුදන බුන්කා සම්මානයෙන් ඇය එසේ පිදුම් ලැබුවාය.

More News