Tuesday, December 10, 2013

Written on

එජාපය 'ද්‍රෝහීන් ' නෙරපීමට යයි

පක්ෂයේ  විනය කඩන 'ද්‍රෝහීන්' සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට,  අද (10) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

පක්ෂය ප්‍රසිද්ධියේ  විවේචනය කිරීම තදබල විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතුවක් බවට මෙම  රැස්වීමේදී තීරණය කර ඇති අතර, විනය ක්‍රියාමාර්ග සම්බන්දව අධිකරණය හමුවේ ඇති  සිද්ධි හැරුණු විට අන් සියලු විනය ක්‍රියාමාර්ග මේවනවිට අත්හිටුවා ඇති බැවින් තවදුරටත් පක්ෂයේ  විනය කඩකිරීම් කෙරේ නම් ඊට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරී තිබේ.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට  සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරුන්  සහ තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය සහභාගී වී නොමැත.

මේ අතර, නායකත්ව මණ්ඩලය පක්ෂයේ ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම පිලිබඳ ව්‍යවස්ථා සංශෝදනය අද (10) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වී ඇත.

මෙම ව්‍යවස්ථා සංශෝදනයට අනුව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමජිකයන් නම්කිරීම, ආසන සංවිධායකවරුන් පත්කිරීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළුව කරුණු 19 ක් සඳහා පුර්ණ බලතල හිමිවේ.

More News