![]() |
"යම් සංවිධානාත්මක පිරිසක් ඇවිත් පහර දීලා උද්ඝෝෂකයන්ට තුවාල කළා" |
උද්ඝෝෂණයට පහර දුන් ඇතැම් පිරිස් මුහුණු ආවරණය කර ගෙන සිටි බව පවසන වාර්තාකරුවෝ, උද්ඝෝෂණයට එක් වී සිටි කාන්තාවන් අත තිබුණු ඡායාරූප උදුරා ගත් ඔවුන්, සටන් පාඨ රැගත් පුවරුද ඉරා දැමූ බව ප්‍රකාශ කරති.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම් වස් කොළඹ පැවති උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ නව සමසමාජ පක්ෂයේ නායකආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, එය විග්රහ කළේ සංවිධානාත්මක ප්‍රහාරයක් ලෙසින්.
සිවිල් කණ්ඩායම් දෙකක්
"150 ක් විතර එක් වෙලා මානව අයිතිවාසිකම් ගැන උද්ඝෝෂණයක් කළා. ඒකට යම් සංවිධානාත්මක පිරිසක් පහර දීලා උද්ඝෝෂකයන්ට තුවාල කළා," යනුවෙන් ඔහු කියා සිටියේ ගොසිප්9 ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ.
"මේ ගැන පොලිසියට කළ පැමිණිල්ල ඔවුන් මුලදී බාර ගත්තේ නෑ, පස්සේ මම කතා කළාම ඒ පැමිණිල්ල බාර ගන්න බව පැවසුවා," යනුවෙන්ද ආචාර්ය කරුණාරත්න කියා සිටියේය.
ත්‍රිකුණාමලයේ සිවිල් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිවී තිබෙන අතර ඒ පිළිබඳව ත්‍රිකුණාමලය පොලිස් මූලස්ථානය මගින් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බවයි, පහර දීම පිළිබඳව සංදේශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.
තුවාල ලැබූ පුද්ගලයන් ගෙන් ඉදිරියේදී කට උත්තර ලබා ගෙන අදාල සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.