මෙම ප්‍රධාන ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
පසු ගිය මාස කිහිපය තුළ මෙරටින් වෙනත් රට වලට සිදු කෙරෙන රත්‍රං ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්විය.
එහෙත් මෙම ජාවාරම් වලට සම්බන්ධ කිසිදු ප්‍රධාන සැකකරුවෙකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.
කෙසේ වෙතත් මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට සූක්ෂම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
මේ අතර නිතී විරෝධී රත්‍රං ජාවාරම මැඩලීම සඳහා පවතින නීති දැඩි කර ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා කියා සිටියේය.