Tuesday, December 3, 2013

Written on

CIA වෙනුවෙන් පෝලන්තයේ රහසිගත වධ කඳවුරක්

ඇමෙරිකානු සීඅයිඒ (CIA) රහස් ඔත්තු සේවය වෙනුවෙන් රහසිගත බන්ධනාගාරයක් සහ වධ කඳවුරක් පවත්වා ගෙන ගිය බවට මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණයේදී පෝලන්තයට චෝදනා එල්ල විය.

2002 වසරේදී උතුරු පෝලන්තයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි වනාන්තරයකදී ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට පෝලන්ත බලධාරීන් ඇමෙරිකාවට අවසර දුන් බවට චෝදනාව විචෘත අධිකරණයේදී එල්ල වූ ප්‍රථම වතාව මෙයයි.

ගුවන්තනාමෝ බොක්කේ ඇමෙරිකානු හමුදා බන්ධනාගාරයේ රඳවා සිටින සැකරුවන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි, එම චෝදනාව එල්ල කෙරුණේ.

ව්‍යාජ ලෙස මරා දමන බව අඟවමින්, මුහුණ වසා දියේ ගිල්වන බව හැඟෙන සේ ජලය වත් කරමින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලිංගික අතවර කරන බව පවසමින් එහිදී සිය සේවාදායකයන් දෙදෙනාට වධ බන්ධන පණවා තිබෙන බව ඔවුහු කියා සිටියහ.

More News