Saturday, December 14, 2013

Written on

ශ්‍රී ලංකාව තවදුරටත් විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගතකිරීමේ 1වන ස්ථානය රැකගනියි

  • දෙවනි විස්සයි විස්සේ ජය ශ්‍රී ලංකාවට! 
  • කුසල් ජනිත් ජයසූරියගේ හැඩ ගන්නා ලකුණු!

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහිදී පැවැත්වෙන 20-20 ක‍්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේදී පාකිස්තාන කණ්ඩාය ලකුණු 24කින් පරාජය කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කලේය.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු 211 ට පිළිතුරු ලෙස පාකාස්තානය ලබා ගත්තේ පන්දු වාර 19.2කදී සියල්ලන් දැවී ලකුණු 187කි.

පන්දුවර පහර දීමේදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 59දී ලකුණු 84ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 48ක් හා කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 44ක් ලබා ගත්තතේය.

තරඟායේ වීරයා වූ කුසල් ජනිත් සිය ලකුණු 89 ලබා ගැනීමට ක‍්‍රීඩා ගාරයට පතිත වූ යෝධ හයේ පහර 04ක් සහ හතරේ පහර පහක් එල්ල කලේය. ජාත්‍යන්තර විචාරකයන් ඔහු සනත් ජයසුරියට සමාන කරමින් අදහස් පල කලේය.

ලකුණු පුවරුව මෙතනින්

More News