Tuesday, December 31, 2013

Written on

සන්ජේ දත් දෙවැනිපාරත් ගෙදර ඇවිත්

සන්ජේ දත් ආයෙත් පාරක් ගෙදර ඇවිත්. අවුරුදු 5 කට සිරගත වෙලා ඉන්න සන්ජේ, ගෙවුණු මාස 3 ඇතුළත ගෙදර ආපු දෙවැනි වතාව තමයි මේ. මේ පාර ඔහුට නිවාඩු ලැබිලා තියෙන්නේ බිරිඳ මන්‍යාතාගේ අසනීප තත්ත්වෙ නිසා.

බොලිවුඞ් ආරංචිවල හැටියට, හෘද රෝගියෙක් වන ඇය මේ දවස්වල ඉන්නෙ එච්චර හොඳ තත්ත්වයක නං නෙවෙයි. මේ ගැන දුකින් ඉන්න සන්ජේගෙ හිතට සතුටක් දැණුනු ආරංචියකුත් තියෙනවා.

බොලිවුඞ්වලට එකතු වෙන අලූත් අධ්‍යක්ෂවරයෙක් සන්ජේ දත් සහ සල්මන් ඛාන්ගෙ ජීවිත කතාව ඇසුරින් චිත‍්‍රපටයක් කරන්න යනවලූ.

සල්මන්ගෙ වගේම සන්ජේගේ චරිතය රඟපාන්නෙත් අලූත් නළුවො දෙන්නෙක්. චිත‍්‍රපටයේ නම "මුන්නා භායි සාලූ භායි" භායි කියන වචනේ සිංහල තේරුම සහෝදරයා.

සාමාන්‍යයෙන් සල්මන් නං කැමති නෑ පවුලේ අය ඇරෙන්න වෙන කවුරුවත් තමාට සහෝදරයා කියලා කතා කරනවට. එහෙම එකේ ඔහු මේ චිත‍්‍රපටයට කැමති වෙයිද?

More News