Monday, December 2, 2013

Written on

TMVP හිටපු මන්ත්‍රී සංගිලියන්ගේ මළ සිරුර හමුවේ

දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානය හෙවත් TMVP සාමාජිකයකු මෙන්ම මන්මුනයි බටහිර ප්‍රාදේශිය සභාවෙහි හිටපු මන්ත්‍රීවරයෙකුද වන සංගිලියන් හෙවත් 37 හැවිරිදි ඉරත්තිනසිංගම් පරමේස්වරන්ගේ මළ සිරුර හමුවී තිබේ.

විලාවෙට්ටුව ප්‍රදේශයෙහි ජීවත්වූ දෙදරු පියකු වන ඔහුගේ මළසිරුර විලාවෙට්ටුවාන් ප්‍රදේශයෙහි ගසක එල්ලෙමින් තිබියදී මෙසේ හමුවී ඇත.

කරුනා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුල්ලිදරම් මහතා නායකත්වය දැරූ එම පක්ෂය පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිතක්වය ගනු ලැබුණි. දැන් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සභාපතිවරයෙකි.

සිද්ධිය වූ ස්ථානයට ගිය වවුනතීවු පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

More News