Wednesday, December 18, 2013

Written on

ක්‍රිකට් ආයතනය නන්නත්තාරයි! ලබන වසරේ සංචාරත් නෑ !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට ණය වී ඇති මුදල රුපියල් මිලියන 479,881,600 කි. ඉන් රුපියල් මිලියන 396 ක් ලබාගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවකිනි. ඊට අමතරව, බැංකු අයිරා ලෙස තවත් රුපියල් මිලියන 83,881,600 ක් ලබාගෙන තිබේ.

මේ සදහා පොලිය ලෙස මසකට රුපියල් ලක්ෂ 6කට ආසන්න මුදලක් ගෙවනු ලබන බව පැවසේ. මෙපමණ මුදලක් ණයවී සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක ණයක් අයි.සී.සී.යෙන් ඉල්ලා තිබිනි.

මේ ණය මුදල ඉල්ලා ඇත්තේ පොලී රහිතවය. කෙසේවවුද මෙසේ දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ණය වෙද්දී ලබන වසරට (2014) ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඇත්තේ සංචාර අතලොස්සකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දැනට සහභාගිවී සිටින ඩුබායි සංචාරයෙන් පසුව ඔවුන් ලබන ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතය.

එහිදී ටෙස්ට් තරග 2ක්, පන්දුවාර විස්සයි - 20 තරග දෙකක් හා එක්දින තරග 3කට සහභාගි වේ.

ඉන්පසුව පන්දුවාර විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියටත්, පසුව එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරග 2ක හා එක්දින තරග 5 හැරෙන්නට වෙනත් තරග ඔවුන්ට ලබන වසරේ නොවේ.

More News