Wednesday, December 18, 2013

Written on

රෝසිගේ සොරකමේ ඇත්ත කතාව

මිතුරකුගේ අපල දුරු කිරීමේ කටයුත්තකට සුදු කැස්‌බෑවා ලක්‍ෂ 60 - 70 කට ඉල්ලුවා!

නමුත් අමල් පෙරේරා තවමත් පොලිස්සියට පැමිණ නැත 

තම මිතුරකුගේ අපල දුරුකර ගැනීම සඳහා වන කටයුත්තකට යොදාගැනීමට කොස්‌ගොඩ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ සිටියදී අතුරුදන් වූ සුදු කැස්‌බෑවා රුපියල් ලක්‍ෂ 60 කට හෝ 70 කට ලබාදෙන ලෙස ඉල්ලූ බව ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා පවසා තිබෙනවා.

සුදු කැස්‌බෑවා අතුරුදන් වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට පිළිතුරු දෙමින් අමල් පෙරේරා පවසා ඇත්තේ මෙසේය...

"ඔය කැස්‌බෑවා මුදලට ඉල්ලූ පලියට හොරකමට සම්බන්ධ යෑයි කියලා කවුරු හෝ මට චෝදනාවක්‌ නැගුවේ නම් ඒක විශාල අසාධාරණයක්‌. මිල ගණන් ඇසූ පලියට හොරකමක්‌ කළා කියලා කාටවත් අහන්නත් බැහැ.

මීට මාස කීපයකට උඩදී මගේ මිත්‍රයා මට කිව්වා එයාට අපල තියෙනවා. පුළුවන් නම් කැස්‌බෑවෙක්‌ සොයලා දෙන්න කියලා. ඒ අනුව මෙම කැස්‌බෑවා රුපියල් ලක්‍ෂ 60-70 කට ගැනීමට අපි ඇසුවා.

අයිතිකාරයා කියන තරමට ඔය කැස්‌බෑව එච්චර වටින්නේ නැහැ. මොනවා වුණත් මේ කැස්‌බෑවා මිලට ගැනීමේ අදහස එදා අත්ඇරියා.


ඔය කැස්‌බෑවා සොරකම් කිරීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍යවලින් මා දැනගත්තා. එක්‌තරා තරුණ ගායකයෙක්‌ කැස්‌බෑවා මිලට ගැනීමට උත්සාහ ගත්තා කියලා.


ඒත් මගේ නම කිසිම තැනක ලියවිලා නැහැ. කියවිලත් නැහැ. එම නිසා කරුණාකර මගේ නම පළ කරන්න එපා... එය මට කරන සේවයක්‌ ද සහයෝගයක්‌ ද වෙයි"


මෙහෙම කියපු අමල් අයි පොලිස්සියට ආවේ නැත්තේ?
නමුත් අද උදෑසන 09:00 වන විට කොස්ගොඩ පොලීසියට පැමිණෙන්නැයි ගායක අමල් පෙරේරාට දන්වා ඇතත් ඔහු තවමත් පොලීසිය වෙත පැමිණ නොමැති බව වාර්තා වේ. 

මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම අමල් පෙරේරා විසින් පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ප්‍රකාශ කොට ඇත්තේ තමාට අද දිනයේ කොළඹ තරු පහේ හෝටලයක විවාහ උත්සවයක් ඇතිබැවින් අද දිනයේ පැමිණීමට නොහැකි බවය. හෙට දිනයේ පොලීසියට පැමිණෙන බව අමල් පෙරේරා පොලීසියට පවසා ඇත. 

මෙයින් ගොසිප්9 අපට පෙනීයන්නේ අමල් පෙරේරා මෙම සොරකමට සම්බන්ද බවක්ය.



More News