Thursday, December 5, 2013

Written on

[DEHI NEWS] රාජපක්ෂ පවුලේ අමත්‍යයන්ෂවලට සමස්ත ආදායමෙන් 79.93%ක්ලු

අයවැය යෝජනා මගින් සමස්ත අදායමෙන් 79.93%ක් රාජපක්ෂ පවුලේ අමත්‍යයන්ෂවලට වෙන්කර ගන්නා විට, රටේ ළමා හා කාන්ත කටයුතු වෙනුවෙන් වෙන්කර ඇත්තේ 0.08% තරම් සුළු මුදලක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මත්මිය ගොසිප්9 කල විමසීමකදී කියා සිටියාය.

මීට අමතරව ඇය අප හා කියා සිටියේ රටේ දරුවන්ගේ උසස් අධ්‍යයාපනය වෙනුවෙන් 1.91% කුත්,අධ්‍යයාපනයට 2.51%ක් වැනි සොච්චම් ප්‍රමාණයකුත් වෙන් කර ඇති බවට කියා සිටියාය.


තවද ඇය කියා සිටියේ රට තුල මන්දපෝෂණය හැදුනු දරුවන් හා යකඩ උණතාවයෙන් පෙලෙන කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටිද්දී උම්බලකඩ කිලෝවක් රුපියල් 302කුත්,හාල්මැස්සන් කිලෝවක් රුපියල් 26යක් සහ කරවල කිලෝවක් සදහා රුපියල් 102ක පැනවූ බවය. 


මීට අමතරව සුදුළුණු කිලෝවක් රුපියල් 102කක්ද, කවුපි කිලෝවක් සදහා රු.100 යකද,පරිප්පු කිලෝවක් සදහා රුපියල් 22කක බද්දක් යොදා ඇත.

මේ අයවැය අනුව රටේ අහිංසක ජනතාවට මරුපහර වැදී රාජපක්ෂ පවුල පෝෂණය වන බව ඇය වැඩිදුරටත් ගොසිප්9 වෙත පැවසුවාය.


තවද මෙම අයවැය ලේකනය ආණ්ඩුව බලයලත් බොහෝ ප්‍රාදේශීය සබා වල පරාජයට පත්වී ඇත. ඉදිරියට මේ අයවැයට මොනාද වෙන්නේ යැයි ගොසිප්9 අපිත් බල සිටිමු.

More News