Thursday, December 5, 2013

Written on

ආධාර සේවකයින්ව පනපිටින් පෝලිම් ගසා මරලා දමලා

2006 වසරේදී සිය සේවකයන් දාහත් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට චෝදනා කරන ඒසීඑෆ් ආධාර ආයතනය, ඒ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටියි.

මුත්තූර් හිදී සිය සේවකයන් ඝාතනය කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ නිමා වන තුරු තමන් බලා සිටි නමුත්, එම පරීක්ෂණ 'විහිලුවක්' බවට පත් වී ඇතැයිද ආධාර ආයතනය චෝදනා කරයි.

ආධාර සේවකයන් පෝලිම් ගසා, ඔවුන්ට දණ ගසන මෙන් නියෝග කොට ඉන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමා ඇති බවයි, ඒසීඑෆ් ආධාර ආයතනය පවසන්නේ.

එවක් පටන් එම ඝාතකයන් රකින බවට ආධාර ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි.

ඇසින් දුටු සාක්ෂිකරුවන්, රහසිගත ලිපි ලේඛන සහ රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් තමන්ට මේ සාක්ෂි ලැබුන බවයි, ආධාර ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, සාක්ෂි තිබුනේ නම් එම තොරතුරු මෙතෙක් කලක් සඟවා ගෙන සිටියේ මන්දැයි ප්‍රශ්න කරයි.

ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට අදාළ සාක්ෂි ඉදිරිපත් නොකිරීම සැකයට තුඩු දෙන්නක් බවද ඔහු කියා සිටියේය.

More News