Monday, December 2, 2013

Written on

කුරාම් ෂයික් ඝාතනය: පෙම්වතියට නොතීසි

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී සාක්ෂි දෙන මෙන් කොළඹ මහාධිකරණය ඔහුගේ පෙම්වතිය සහ තවත් එකොලොස් දෙනකුට නොතීසි නිකුත් කළේය.

2011 නත්තල් දිනයේ තංගල්ලේ නිවාඩු නිකේතනයක දී කුරාම් ෂයික් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය වික්තෝරියා කාචෙවා දූෂණය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු සැකකරුවන් හය දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ඉහත කී නියෝගය කළ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ, ලබන මාර්තු මස 26 වැනි දින නඩු විභාගය ආරම්භ වන විට අදාළ භාෂා පරිවර්තකයන්ද කැඳවා ගන්නා මෙන් නියෝග කළාය.

සැකකරුවන්ට එරෙහි චෝදනා පසුගිය මස මහාධිකරණය ඉදිරියේ කියවනු ලැබූ අතර, එම සියලු චෝදනාවලට නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ පැවසූහ.

More News