Sunday, December 8, 2013

Written on

හුලාගේ රාජකාරි ජයසූරියට පවරලා!

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ඉකුත් දා විසුරුවා හැරීමත් සමඟ එම මධ්‍යස්ථානයෙන් සම්බන්ධීකරණය කල සියළු මාධ්‍ය කටයුතු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලය ඔස්සේ ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරිය මහතා යටතේ අදාල කටයුතු පෙර පරිද්දෙන්ම කිලින් තිබූ දුරකතන අංක ඔස්සේම ඉදිරියටත් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයිද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

එම මාධ්‍ය මධ්‍යස්ථානය විසුරුවා හැරීමත් සමඟ ජාතික ආරක්‍ෂක වෙබ් අඩවියද (www.nationalsecurity.lk) යාවත්කාලීන කිරීම නතර කර දමා තිබේ.

More News