පසුගිය දිනවල අමු තිත්තකුණු හරුපයෙන් මාධ්‍ය ඉදිරියේ බැණ අඬගසා ගත් බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න සහ ඇමති ගුණරත්න වීරකෝන් එක ජනහමු වේදිකාවට ගොඩ වූහ.
එහිදී කළුගල්විල ගුල්පාගොඩ පාලමේ ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කරමින් ගීතා කුමාරසිංහ අජිත් ප්‍රසන්න සහ ගුණරත්න වීරකෝන් යන මහත්ම මහත්මීන් උදලූ ගෙන පස් පිඩැලිද ඉවත් කළහ.
බෙන්තර ඇල්පිටිය සංවිධායක ධූරයෙන් ගීතා කුමාරසිංහ මහත්මියව ඉවත් කරන ලෙස ඉල්ලා අජිත් ප්‍රසන්න මහතා උපවාසයක්ද කළේය.